27 April 2024
#දේශීය

මන්ත්‍රී රන්ජන් ඇප මත මුදා හැරේ

බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ , මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් මන්ත්‍රීවරයාගේ නිවසින් සොයාගත් බවයි.

ඊයේ මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි මෙහෙයුම් කටයුතු කිරීමේදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක්,එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 127ක් සහ සැකකටයුතු ලේඛන කිහිපයක් මෙම සෝදිසියේදී හමුවූ බව පොලිසිය පවසයි.

මෙම කරුණු පිළිබඳ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළේය.

මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පැනවූ අතර මෙම නඩුව එළඹෙන ජනවාරි 17 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

 

පෙර පුවත් 

 

මන්ත්‍රී රන්ජන් අත්අඩංගුවට…..

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *