27 April 2024
#ක්‍රීඩා

වර්ෂාව හේතුවෙන් තරඟය අත්හරි (updata)

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරඟය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුණා.

තරඟය අතහැර දමන බවට නිල වශයෙන් නිවේදනය කරන විට රාත්‍රී 9.55 පමණ වී තිබේ.

 

පෙර පුවත

 

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු 20/20 ක්‍රිකට් තරඟය අද (2020-01-05 12:49:19) 

 

20/20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන මේ වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේදී අද (05) ආරම්භ වනවා. 

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිලට 2019 වසරේ ඉන්දීය පිතිකරුවා වූ රෝහිත් ෂර්මා ඇතුළත් නොවන අතර, ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලට ඇන්ජලෝ මැතිව්ස්, වසර එකහමාරකට පසු එක්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි. අද දිනයේදී තරඟය පැවැත්වෙන කාලයේදී පැයක පමණ කාලයක් වැස්සෙන් බාධා වනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *