27 April 2024
#දේශීය

මම යථාර්ථවාදී දේශපාලඥයෙක්.. කරන්න බැරි දෙයක් කියන්නේ නෑ – ඇමැති නිමල්

වගකිව යුතු දේශපාලඥයෙක් විදිහට කරන්න බැරි දෙයක් කියන්නෙත් නැති බවත් කියපු දෙයක් නොකර ඉදල නැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා බදුල්ල රජ මාවත කැරලි කරුවෝ ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” මම බදුල්ල දිස්ත්‍රික්කය පරිවර්තනය කලා.මම එදා යථාර්ථවාදී තිරණයක් ගත්තා .මම ප්‍රසිද්ධියේම කිවුවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න ඕන කියලා.ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට තීරණය කළා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතුයි කියලා.ඒ සහායත් එක්ක එතුමාගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා.අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ.කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .අපි එතුමාගේ ජයග්‍රහණයට මුලික වශයෙන් දායක වුණු අයයි.මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අපි විශාල ලෙස වැඩ කළා .ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට දස ලක්ෂ විසි දාහක් ලබා දුන්නා.ඒ වගේම බදුල්ල රෝහලට දස ලක්ෂ විසි දාහක් ලබා දුන්නා.බදුලු ඔය හරස් කරලා වැවක් හදලා බදුල්ල බණ්ඩාරවෙල දෙමෝදර ජල ව්‍යාපෘතිය සදහා රුපියල් දස ලක්ෂ දහ දාහක් ලබා දුන්නා.ඒ වගේ මහා පරිමාණ ව්‍යාපෘති අපි මේ දිස්ත්‍රික්කයට ලබා දුන්නා.ඉදිරියේදීත් අපි මේ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කරන්න කැප වෙන බව ද “යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *