20 May 2024
#දේශීය #පුවත්

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (10) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වූ අතර එම පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) මන්ත්‍රීවරයෙකු ලෙස මෙසේ මුජිබර් රහුමාන් මහතා දිවුරුම් දීම සිදු විය.

කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මින් පෙර 9 වැනි පාර්ලිමේන්තුවට එ් මහතා තේරී පත් වූ අතර 2023 ජනවාරි 20 වැනිදා ඒ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *