27 April 2024
#දේශීය

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමග වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති බව ද රට තුල ඇති දැවෙන ප්‍රශ්න විසදීමට ස්ථිරසාර ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම මේ මොහොතේ පැහැරහල නොහැකි යුතුකමක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ අද (14 ) පෙරවරුවේ පැෆරල් සංවිධාන‍යට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සැමරුම් සම්මාන උළළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අප රටේ සමස්ත ජනගහනයට වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශ අසල්වැසි රටවල නගරාධිපතිවරුන් යටතේ පාලනය වන බවත් භෞතික සහ මානව සම්පත් රැසකින් පොහොසත් මෙම කුඩා දිවයින සමෘද්ධිමත් ශක්තිමත් දේශයක් ලෙස ගොඩනැගීම එතරම් අපහසු කාර්යයක් නොවන බවත් හෙතෙම සදහන් කළේය.

ඒ සදහා ජාති ආගම් පක්ෂ භේදයෙන් තොර ජාතික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට ලැබෙන අවසන් ‍අවස්ථාව එළඹ ඇති බව ද නූපන් සහ අනාගත පරපුර වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම වත්මන් නායකකාරකාදීන්ගේ උරමත පැවරී ඇති බවද කරු ජයසූරිය මහතා පැවසිය.

ඇමති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *