27 April 2024
#දේශීය

ඊලඟ ඡන්දේදී විශාල පරිවර්තනයක් රටේ කරන බව ඇමැති කබීර් කියයි

මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන මතවාදය අනුව කටයුතු කරන බවත් පසුගිය කාලයේ ඇති කල වෙනසටත් නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පැවසුවේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කරමින් පැවති ජනහමුවකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” 2015 වනතුරු මේ රටේ තිබුණේ තට්ටු මාරු පාලන ක්‍රමයක්. පක්ෂ දේශපාලනය කරමින් අවුරුදු 5න් පහට ආණ්ඩු මාරු වුණා. නායකයින් මාරු වුණා. නමුත් රට වෙනස් වුණේ නැහැ. මේ රට හැමදාමත් දියුණුවෙමින් පවතින රටක් විදියටයි තිඛෙන්නේ. දුප්පත් ජනතාව හැමදාමත් දුප්පත්. එක කල්ලියක් විතරයි පෝෂණය වුණේ. සහන ගත්තේ, ප්‍රතිලාභ ගත්තේ පවුලේ අයයි ගජමිතුරු කණ්ඩායමයි විතරයි. අපි රටට වෙනසක් ඇති කළේ එක පන්තියක් විතරක් ගොඩනඟන්න නොවේ. එක්සත් ජාතික පක්ෂය මුල් වෙලා අවශ්‍ය මොහොතේ වෙනසක් ඇති කළේ ජනතාව වෙනුවෙන්. කොට්ටය විතරක් මාරු නොකර කොට්ටෙයි මෙට්ටයයි දෙකම මාරු කළා. ජනතාවගේ ලේ උරා බොන මකුණෝ ටික නැති කරන්න මෙට්ටය මාරු කළා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *