27 April 2024
#දේශීය

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මේ වන විට නව දේශපාලන ගමනක් යාමට කටයුතු කරන බව වාර්තා වේ. මේ වන විට ඊට අවශ්‍ය වන මුළික කටයුතු උනවහන්සේ විසින් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙය බෞද්ධ සිංහල යන කොටස් එක් කර කොට නව දේශපාලන සංවිධානයක් බිහි කිරීමට කටයුතු කරනු ඇති බව රතන හිමියන් පවසා ඇති බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකාව වැනි ආගම්වලට ලැදී ජනතාව අතර ඉක්මනින් මාකර්ට් කළ හැකි මාතෘකාවක් බව උන්වහන්සේ සමීපතයින් පවසා ඇත.

කෙසේ වෙතත් ලබන 02 වනදා උන්වහන්සේගේ විහාරස්ථානය වන සඳහම් සෙවණ තුළ මෙහි මුළික පියවර සඳහා කටයුතු කරනු ඇත.

උන්වහන්සේ ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමා රට හදන ජාතික වැඩපිළිවෙලකට කටයුතු කරනු බවයි. ඒම කටයුත්ත සඳහා ඉදිරියේදී පාඨලි චම්පික රණවක පවා එක්වනු ඇති බවයි උන්වහන්සේ අන් අයට දන්වා ඇත්තේ.

කෙසේ නමුත් ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පාඨලි චම්පික රණවකගේ ජනතාව අතර අඩිතාලම දැමීමට රතන හිමියන්ගේ මේ වෑයම බවයි හෙළ උරුමය පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු සපයන්නා අප වෙත කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් අප වෙත පැවසුවේ රතන හිමියන් කෙතැනක සිටියද පාඨලි වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *