• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති පුටුවට විජයදාස …! මහින්ද විරුද්ධ වෙයි ….!

30 November 2018
in දේශීය

රටේ පවතින දේශපාලනික අවුලත් සමග මීලඟ අගමැතිවරයා වශයෙන් එකසත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කල යුතු බවට යෝජනා කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සමීපතයා අප වෙත කියා සිටියේ මෛත්‍රිට අවශ්‍ය වී ඇත්තේ ඔහුට හිතවත් හා ස්වාධීනව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු අගමැති කිරීමට බවයි. එය පොදු ජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයේ නොවිය යුතු බව මෛත්‍රිගේ අදහස විය. එසේම තමාට පක්ෂව කටයුතු කරනු ලබන අයෙකුනම් වඩාත් සුදුසු බව යැයි ජනාධිපති මෛත්‍රිගේ අදහස විය. මේ වන විට පවතින දේශපාලන අර්බුධකාරි තත්ත්වය හමුවේ මහින්දට මෙන්ම රනිල්ට ද අගමැති තනතුර ලබා දීමෙන් මෙම තත්ත්වය සමනය වීමක් නොදකින බව දේශපාලනික පිරිස් පවසා ඇති බව ජනාධිපතිවරයා වෙත සමීපතමයින් කියා තිබේ. එසේම මේ වන විට අලුත් මුහුණක් පත් කළ යුතු යැයි ජනාධීපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව මෛත්‍රිට හිතවත් බවත් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලය පුරාම සමත් වී ඇති බව ජනාධිපතිවරයාගේ සමීපතමයා කියා සිටියේය. ඒ අනුව ක්‍රියාත්මක වු මෛත්‍රි විසින් විජයදාස රාජපක්ෂව අගමැතිවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව ඔහු කියා සිටියේ. විජයදාස රාජපක්ෂ විසින් මෛත්‍රිව මෙන්ම රනිල්ව ද ආරක්ෂා කරන පුද්ගලයෙකු වීම විශේෂත්වයක්. පසුගිය 29 වනදා දින පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද කථානායකවරයා වෙත ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් කර සිටියේද ජනාධිපති මෛත්‍රිගේ අනුදැනුම මත බවයි ජනාධිපතිවරයාගේ සමීතමයා අප වෙත කියා සිටියේය.

විජයදාස විසින් පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ පොදු ජන පෙරමුණ තුළින් විරෝධයක් නොදක්වා ඇත්තේ ද එය නිසා බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂයේ ප්‍රකාශයෙන් පසුව කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර හමුවක් පැවැති අතර සෙසු පක්ෂ සමඟ ද මෛත්‍රි සමඟ සාකච්ඡා කිරීමට එකඟතාවයට පත්ව ඇත.

මේ අතර විජයදාස සඳහා ජනාධිපතිවරයා වඩාත් පැහැදිමකින් ඇති බවත් පවතින අර්බුධ හමුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් විජයදාස රාජපක්ෂව අගමැතිවරයා වශයෙන් පත් කිරිමේ තීරණයක් ඇති බව මෛත්‍රි ප්‍රකාශ කර තිබේ.
මෙම පත් කිරීමට මහින්ද විසින් විරුද්ධ වීමත් සමඟ පැවැති අර්බුධය තවත් තවත් උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා සමීපතමයා පැවසුවේ.

මහින්ද විසින් කියා ඇත්තේ විජයදාස සම්බන්ධයෙන් තමා විශ්වාස නොකරන බවයි. විජයදාස විසින් අමාත්‍ය ධුරය භාර ගත් පසුව වුවද ඔහු අරලියගහ මන්දිරයට ගොස් ඇති බවයි. තමා විසින් විජයදාස වෙත දුරකතන ඇමැතුම් දුන් අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ සිටින බව දැන ගැනීමට ලැබු බව මහින්ද විසින් මෛත්‍රිට පවසා ඇත.

කෙසේ වෙතත් මහින්දගේ දැඩි බලපෑම් මත විජයදාස රාජපක්ෂ හට අගමැති ධුරය ලබා දීමට මේ වන විට එරෙහි වී ඇති බව ජනාධිපතිවරයා සමීපතමයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 15
Previous Post

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි – මයන්ත කථානායකගෙන් ඉල්ලයි

Next Post

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

editor

editor

Next Post

රතන හිමි අලුත් ගමනක්...! පාඨලි ‌‌‌කොතනද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved