ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග සම්බන්ධ වී කටයුතු කරන පිරිසක් පැවතින බව අතිපූජ්‍ය කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අවධාරණය කර තිබේ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ, මේ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින්ද සම්බන්ධ වී සිටින බවය.
කාදිනල් හිමි පෙන්වා දුන්නේ, විදේශීය බලපෑම් මගින් මෙවන් අදහස් සහ හැසිරීම් සමාජයේ සාමාන්‍ය අගය මට්ටම් වෙනස් කිරීමට හා දේශීය සංස්කෘතික මූලධර්ම කඩා වැටීමට හේතු විය හැකි බවය. “අපේ සමාජය වසර සියගණනක් ගොඩනගා ගත් සදාචාර මූලධර්ම වලින් ඉවත් කරවීමට මෙම ක්‍රියාමාර්ග පිළිගත නොහැක,” යැයිද උන්වහන්සේ තරයේ අවධාරණය කළහ.
උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ, ඊයේ (14) කොළඹ පැවති, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්මකීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජය පිරිනැමූ “අග්ගමහා පණ්ඩිත” ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.
ඉහත අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කරමින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව විශේෂයෙන් සලකිය යුතුයැයි කියාසිටියේය.