27 July 2024
#දේශීය

ගුවන් හමුදාවේ යානයක් කඩා වැටෙයි : 4ක් මරු ට…

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව ට අයත් යානයක් හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත.

අද (03) උදෑසන මෙම යානය එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව හපුතලේ පොලිසිය පවසයි. හපුතලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති අතර, යනායේ ගමන්ගත් සිවුදෙනෙක් මරණය ට පත්ව ඇතැයි දැනගන්න ට තිබේ.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

අනතුරින් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා සහ සෙසු නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 

හපුතලේ ප්‍රදේශයේ දී අනතුරට ලක්වු  ගුවන් යානයේ ගමන් කළ  පුද්ගලයින් සිව් ‍දෙනා ම මියගොස් ඇති අතර, එම ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවක් ද තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ අනතුරට ලක්ව ඇත්තේ ගුවන් හමුදාවට අයත් Y 12  වර්ගයේ යානයක් බවයි.

වීරවිල සිට රත්මලාන වෙත පියාසර කරමින් තිබු යානයක් අද(03) පෙරවරුවේ හපුතලේ තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබුණි.

මියගිය අය අතර ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනකු සිටි බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ගුවන් හමුදාවේ බලගණ නායක තනතුරු හොබවන්නෙක් හා ලුතිනන්වරයක් ම් අතර සිටී. මෙම යානය රත්මලාන සිට වීරවීල බලා ගොස් ඇත.

යානය කඩා වැටීමත් සමඟ එය ගිනි ගෙන තිබේ.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *