27 April 2024
#දේශීය

පුරා වස්තු කැණිම් කල 09 දෙනෙකු අත්අඩංගුවට

රුවන්වැල්ල, ඉපිලියාගල ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කල සැකකරුවන් 09 දෙනෙකු රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) පස්වරු 5 ට පමණ රුවන්වැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටළිම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. වැටළිම සිදු කරන අවස්ථාවේදී කැණිම් උපකරණ හා පුජා භාණ්ඩ සමඟ සැකකරුවන් 08 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය, රුවන්වැල්ල, අවිස්සාවෙල්ල, බටුවත්ත සහ ගණේමුල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් 09 දෙනා අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *