27 April 2024
#දේශීය

  නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට එරෙහිව වැටලීම් 1,302 ක් – ලංකා විදුලිබල මණ්ඩලය

2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම් වලට අදාලව රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව විදුලි මීටර (Meter Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 1,114 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 72,393,474.80 ක මුදලක් ද, විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම් (Hook Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 188 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 2,687,177.77 ක මුදලක් ද ඇතුළුව මුළු මුදල ලෙස රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විදුලි වංචා මැඩලීම සඳහා ඉදිරියටත්, දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන යන අතර කෙසේ වුවද; රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *