• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෝටි 100 ක වියදමින් ඉදිවන ලංකාවේ සුපිරිම පාසල බලන්න ඇමති අශෝක් යයි

14 January 2019
in සංවර්ධන

ලංකා ඉතිහාසයේ රුපියල් කෝටි 100 ක මුදලක් වැය කරමින් ලංකාවේ ඉදිවන ප්‍රථම සුපිරි ජාතික පාසල කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ මේ වන විට කඩිනමින් ඉදිවෙමින් පවතින අතර එම පාසලේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ගොස් තිබේ.

එම අවස්ථාවේදි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ඇත්තටම අලුතින් ඉදිවන මේ පාසල දැක්කම මට හරිම සතුටක් දැනෙනවා. මොකද මේ පාසල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් 2015 මැතිවරණයේදී මම කරපු ඉල්ලීමක ප්‍රතිපලයක්. එතුමා අධ්‍යාපන ඇමතිතුමා හා එක්ව මට පාසල් දෙකක් ලබා දුන්නා. ඒ උනත් කුරුණෑගල අවටින් අවශ්‍ය ඉඩම් සොයාගැනීමට නොහැකි වීම නිසා අවසානයේ අනෙක් පාසල වාරියපොල ප්‍රදේශයේ ඉදිකරන්න තීරණය උනා. මේ පාසල ඉදිවන භූමිය පලාත් සභාවෙන් ලබාගන්නත් මට දැඩි පරිශ්‍රමයක් යොදන්න සිද්ධ උනා. කෙසේ උවත් අද ඒ සියල්ලේ ප්‍රතිපල දකින්නට තියෙනවා.

ඇත්තටම මේ පාසල සාමාන්‍ය පාසලක් නෙවෙයි. අනාගත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ හැරවුම් ලක්ෂය වෙන්නෙ මේ පාසල. අපි මේකට “විශ්වෝදා” කියල නම දැම්මෙත් ඒ නිසාමයි. මෙය දියුණු ලෝකයේ ඇති ස්මාර්ට් පන්ති කාමර, ඊ පුස්ථකාල, ඉලෙක්ට්‍රොනික විද්‍යාගාර, නවීන ගණිතාගාර, පරිගනක විද්‍යාගාර වැනි නවීන විශ්වය සමග ගනු දෙනු කල හැකි අධ්‍යාපන ක්‍රමවේදයන්ගෙන් පරිපූර්ණ සුපිරිතම පාසලක්.

ඒ විතරක් නෙවෙයි. මේ පාසලේ ලොව ප්‍රධාන භාෂා එනම් චීන, ජපන්, ප්‍රංශ, හින්දි ආදී භාෂාවන් ඉගැන්වීම වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සදහා පන්ති කාමර වෙන් කරල තියෙනවා. සියලුම ක්‍රීඩාවන් සදහා අවශ්‍ය ක්‍රීඩා පිටි හා පහසුකම් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. මේ පාසල අනාගතයේ සිසුන් පන්දහසකට වඩා අධ්‍යාපනය හැදෑරීමට හැකි අයුරින් අදියර කිහිපයකින් ඉදිකිරීම් සිදුවෙනවා. අපි මේ වසරේ මාර්තු මාසයේදී 6 වසර පන්තියට පළමු ශිෂ්‍ය කණ්ඩායම අධ්‍යන කටයුතු සදහා ඇතුලත් කරගන්නවා. අනතුරුව උසස්පෙල පන්ති ආරම්භ කරන බවද අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මේ පාසල ආරම්භ කිරීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී ඇති තදබදය හා තරගකාරී ස්වභාවය අවසන් වේ යැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කලේය.

Post Views: 19
Previous Post

ආණ්ඩුව වෙනුවෙන් කිරිඇල්ල තනිවම

Next Post

ගෝඨා – බැසිල් බල අරගලයක

editor

editor

Next Post

ගෝඨා - බැසිල් බල අරගලයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved