27 April 2024
#දේශීය

පක්ෂ 11 නියෝජිතයින් දිනේෂ්ගේ කණ්ඩායම් අතර හමුවක්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුව තුළින් ගන්නා විසඳුම් වහාම ක්‍රියාත්මක කරවා ගැනීමට, පක්ෂ 11 නියෝජිතයන් සහ මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (04) දින පැවති  හමුවේදී සාකච්ඡා වූ බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳ අඛණ්ඩව මහජන එක්සත් පෙරමුණ යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂයේ නියෝජිතයයෝ මෙහිදි පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තුව තුළ සර්ව පාක්ෂික එකඟතාවයක් තවමත් ඇති වී නොමැති බව, ඉදිරිපත්ව ඇති  විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ගතකරන කාලය තුළින්  පෙන්නුම් කරන බවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවට, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා , පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා සහභාගී වූහ.

පක්ෂ 11 නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල්  වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් ලන්සා, ටිරාන් අලස් යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *