• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවස පෙනි පෙනී අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ 15 හැවිරිදි සිසුවා.

16 May 2023
in දේශීය

ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පහලොස්හැවිරිදි පාසැල් සිසුවකු එම ස්ථානයේදීම අද(16) පස්වරුවේ ජීවීතක්ෂයට පත්ව ඇත.

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ  මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී සිදු වූ අනතුරින්මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ  ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් 15 හැවිරිදි සිසුවෙකි.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක්  පස්වරු 5.00 ට පමණ  නිමවී නිවසට තමන්ගේ පා පැදියෙන් පැමිණෙමින් සිටියදී පස්වරු 5.30 ට පමණ සිදු වූ අනතුරින් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත.එම සිසුවාගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි.

සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය , සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි.අනතුරින් පා පැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.සිසුවාගේ මෘත ශරීරය මේ වන විට සේනපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හෙට (17) අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත මෙම මෘත ශරීරය යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ඉපලෝගම පොලිස් ස්ථානයේ උසස් නිළධාරියකු පැවසීය.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා සිටි බැවින්  ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සඳහා කළාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුගේ තත්වය බරපතල නොවන බවත්, ඔහු බීමතින් සිටියාදැයි පරික්ෂා කිරීමට රැධිර සාම්පල ලබා ගත් බවද ඉපලෝගම පොලිස් ස්ථානයේ උසස් නිළධාරියකු පැවසීය.

පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වූ බවත්, අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පැමිණ සිසුවාගේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.මෝටර් රථයේ රියදුරු බීමතින් සිටි බවට සැක කරන බවද ඔවුන් පැවසීය.මෙම එප්පාවල- කැකිරාව  මාර්ගය ප්‍රථිසංස්කරණය කර අවසන් වීමෙන් පසු මාර්ග සංඥා නිසි ලෙස සටහන් කර නොතිබීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවද, මාරක වංගුවක් මෙන්ම, පදික මාරුවක්ද ඇති එම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් මාර්ග සංඥා නොමැති වීම මෙම අනතුරට හේතුවක් බවද ප්‍රදේශවාසීන් පැවසීය.තවත් මෙවැනි අනතුරක් සිදු වීමට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

අනතුරින් ජීවිතක්ෂයට පත් පුෂ්පික කසුන්ත සමරතුංග පුතුගේ පියා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ,
පුතා තුනට පන්තියට ගියා, පන්ති ඉවර වෙන්නේ සවස පහට, මමත් ඒ වෙලාවේ වැඩ ඇරිලා එන ගමන් හිටියේ, පන්තිය පහු වෙලා මීටර 200 ක් විතර දුරින් මම දැක්කා පුතා එනවා, මගේ පොඩි පුතත් මගේ බයික් ඒකේ හිටියා, මම පොඩි පුතාට කිව්වා අයියාට හූ කියලා බායි කියන්න කියලා.අපි පුතාව පහු කරගෙන ගෙදර ගියා.ඒ මම පුතා පහු කරලා මීටර 100 ක් විතර ගියහම තමයි ඔය අනතුර වෙලා තියෙන්නේ.ගෙදර ගිය ගමන් පුතාව හැප්පිලා කිව්වා.මම රෝහලට ඇවිත් බලද්දී පුතා නැති වෙලා කියලා කිව්වා.පුතා දවල්ට පා පැදියෙන් තමයි පන්ති යන්නේ, රෑට වගේ නම් මම ගෙදර එක්කන් යනවා.මගේ පුතා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්, ශිෂ්‍යත්වයත් සමත් වුණා ඉහළින්, කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ.පන්ති නායකයත් මම මගේ පුතා.මම කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා.මම කියන්නේ නෑ කාගෙවත් ගෙවල් ගිණි තියන්න, ගහන්න බනින්න කියන්නේ නෑ,හැබැයි මේ සමස්ථ සමාජයේම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ, මේ වගේ සිද්ධි වුණාම හැම තාත්තාම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.හැබැයි නීතිය ක්‍රියාත්මක වුණේ නෑනේ, ඒ තාත්තලාට සාධාරණයක් හම්බෙලා නෑ, මම දේශපාලඥයොන්ට කියන්නෙවත්, වන්දියක් ඉල්ලන්නේවත් නෑ, මම කියන්නේ මගේ දරුවාට වෙච්ච දේ මෙතනින් එහාට වෙන්න දෙන්න එපා කියලා.මට ඉස්සර මේ වගේ සිද්ධි වලදී තාත්තලා ඉල්ලපු මේ දේට විසදුමක් දුන්නා නම් අද මට මේක කියන්න වෙන්නේ නෑ.මම මේ ලෝකයෙන්ම ඉල්ලන්නේ කාටවත් කරදර කරන්න එපා.මල් කැකුලු වගේ දරුවන්ට මෙහෙම අපරාධ කරන්න එපා යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

අනුරාධපුර  – තිසර 

Post Views: 19
Previous Post

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

Next Post

පළාත් පාලන අයතන ගැන මාතලේ දි සාකච්ඡාවක්

editor

editor

Next Post

පළාත් පාලන අයතන ගැන මාතලේ දි සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved