• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්..

16 April 2020
in දේශීය

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එම විදේශ දූත මණ්ඩල  16 ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත්වේ. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්වේ.

මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරිම සදහා, විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  ගත් තීරණයකට අනුව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ තවත් රුපියල් මිලියන අටක (මිලියන 8) ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසය. එමගින් මෙම වසංගත තත්ත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්ත්වය නොසලකා සහන ලබාදීමට කටයුතු කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24/7 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ. වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා කම්කරු අංශ නිලධාරින්, විදේශ දූත මණ්ඩල නිලධාරින්,විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් එක්ව කටයුතු කිරිම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින විගමණික ශ්‍රමිකයින්ට සහන සැලසිම සදහා පහත ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. 

කොවිඩ් 19 වෛයිරසයෙන් විගමණික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු අංශ මගින් කටයුතු කර තිබේ.

ශ්‍රි ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත ( Face book ) හරහා ප්‍රචාරය කිරිම මගින් විගමණික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇත.

විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික  ඇමතුම් අංක හදුන්වාදීම මගින් විගමණික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා විමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක වට්ස්ඇප් සමුහ කණ්ඩායමක් (whatsApp Group ) ආරම්භකර එමගින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරිම සාර්ථකව සිදුකිරිම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට ක්ෂණිකව විසඳුම් ලබාදී ඇත.

ෂීසෙල් හී අතරමංවී සිටි විගමණික ශ්‍රමිකයකු සඳහා අඛණ්ඩව අවශ්‍ය මූල්‍ය පහසුකම් තානාපති කාර්යාලය හරහා දීමට කටයුතු කරන ලදී.

ජපන් නෞකාවකින් ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි ශ්‍රමිකයකුට ගුවන් ටිකට්පත ලබාදී ඇත.

විගමණික ශ්‍රමිකයින්ට ලබාදිම සදහා මුඛ ආවරණ 5000 ක් කොරියානු තානාපති කාර්යාලයට ලබාදි ඇත

Post Views: 4
Previous Post

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම නිවේදනය

Next Post

කොළඹ අයට නොමිලේ වට්ටක්කා බෙදා දෙයි

editor

editor

Next Post

කොළඹ අයට නොමිලේ වට්ටක්කා බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved