27 April 2024
#දේශීය

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

20වැනි සං‌‌ශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති ‌පෙරමුණේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර හමුවක් අද (22) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදුවිය.  ජවිපෙ නියෝජනය කරමින් අනුර දිසානායක, විජිත ‌හේරත්, ‌‌වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් සහභාගි විය. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහභාගි විය. කබීර් හෂීම් ඇමතිවරයාද සහභාගිවීමට නියමිතව තිබූ අතර අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වීම නිසා ඔහු පැමිණ ‌නොසිටියහ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඒකඟ බවත් පසුගිය සම්මේලනයේදී ඒ සඳහා ‌යෝජනාවක් සම්මත කර ගත් බවත් පවසා ඇති අතර ඒක්සත් ජාතික ‌පෙරමුණේ ‌සෙසු පක්ෂ සමඟ ‌මේ සම්බන්ධයෙන් සාකච්ඡා ‌කොට තීරණය දැනුම් ‌දෙන බවද පවසා තිබේ.

පෙර පුවත්

අනුර – රනිල් හමුවක් හෙට

Leave a comment

Your email address will not be published. Required fields are marked *