• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යොවුන්පුරය 2019 හම්බන්තොටදී අති උත්කර්ෂවත්ව පැවැත්වේ

28 March 2019
in දේශීය

 ගමේ තාරුණ්‍යයට සවියක් වෙමින් තරුණ ජවයේ තෝතැන්න වූ යොවුන් පුර 2019 සමාරම්භක උළෙල ඊයේ (27) වීරවිල පශු සම්පත් භූමි පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරිණි.

මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් යෞවන සමාජ සාමාජික සාමාජිකාවන්, විදේශීය තරුණ තරුණියන්, බාලදක්ෂියින්, ශිෂ්‍යභට කණ්ඩායම්, යෞවන තිළිණලාභීන් සහ අපේෂකයින් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේෂකයින්, යොවුන් සේනාංක, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, වෘත්තීය පුහුණුලාභීන් ඇතුළු 8000 කට අධික තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හා වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වත්මන් රජය අනාගත ජවයට නව ජීවයක් එක් කිරීමට හැම විටම ක්‍රියා කළ බවත් අමාත්‍ය සාගර රත්නායක මහතා සමාරම්භක උලෙළ අමතමින් පැවසිය.

යොවුන් පාර්ලිමේන්තුව ඇති කරමින්, තරුණ සම්මේලන පවත්වමින් ජාත්‍යන්තරය පවා ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම අපේක්ෂා බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේය.

ව්‍යවසාය සංවර්ධනයෙන්, ලෝකයේ තිබෙන නව තාක්ෂණයෙන් පරිපූර්ණ පිරිපුන් පරපුරක් බිහි කිරීම ජාතික තරුණ සේවා සභාව පවතින තාක්කල් සිදු කරන බවත් දැඩි උද්‍යෝගයෙන් යුතුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා පැවසිය.

බැහැරගත ක්‍රියාකාරකම්, මිශ්‍ර වොලිබෝල් තරග, දුනුවිදීමේ පුහුණු වැඩසටහන්, මිනි මැරතන් තරග, විනෝද ක්‍රීඩා මෙන්ම යොවුන් ගායන ශිල්පී තරග, නිර්මාණාත්මක නර්තන රසවින්දන වැඩසටහන්, ශ්‍රමාදාන හා රුක්රෝපණ, රැකියා වෙළඳ පොළ, අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශන, වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ද මාධ්‍ය කලාප හා මාධ්‍ය වැඩමුළු, වීදි නාට්‍ය තරග සහ ගිණිමැල සංදර්ශන යනාදී වැඩසටහන් රැසක් මෙම ක්‍රියාත්මක කිරීමට නියමිතය

මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ විචිත්‍රවත් නර්තනාංගවලින් ද මෙම අවස්ථාව සමන්විත වූ අතර දකුණු පළාත් සභා විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි විය.

 

Post Views: 7
Previous Post

සිරකරුවන් හුවමාරු කිරීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ගිවිසුමක්

Next Post

ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක්

editor

editor

Next Post

ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved