2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින අතර, එය 2026 අගෝස්තු 14 වැනි දින අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කිරීමට නියමිතය. වැඩි විස්තර සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා www.ugc.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටී.













