2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් මණ්ඩල සඳහා පරීක්ෂකවරුන් තෝරාගැනීමේ මාර්ගගත (Online) අයදුම්පත් කැඳවීම විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව ජූලි 14 වනදා සිට ජූලි 28 වනදා දක්වා විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පෝටලය හරහා සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලියට අදාළව කිසියම් විමසීමක් පවතින්නේ නම් 0112784208 / 0112784537 / 0112785922 යන දුරකථන අංක ඔස්සේ හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බව ද දන්වා සිටියි.
















