27 April 2024
#දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අද සිට දින හතක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට හැකිය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 02 වැනිදා ය. අනතුරුව සැප්තැම්බර් 03 වැනිදා එය ගැසට් කරනු ලැබීය.

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමින් දැඩි විරෝධතාවයක නිරත විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *