27 April 2024
#දේශීය

21 ප්‍රහාරය සම්බන්ධයෙන් 85 ක් රඳවා ගෙන ප්‍රශ්ණ කරනවා

21 වන දා ප්‍රහාරයට අදාළව සැකකරුවන් 85 දෙනෙකු රදවාගෙන සිටින අතර එයට සහරාන්ගේ බිරිඳ ද ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ (15) මාධ්‍ය වෙත නිකුත් කළ පණිවිඩයේ සඳහන් වන්නේ කොච්චිකඩේ බෝම්බ පිපිරීමට ගෙනා වෑන් රථයට සම්බන්ධ පුද්ගලයෙකුගේ රූප සටහන් 04ක් පසුගිය දා මාධ්‍ය හරහා ප්‍රසිද්ධයට පත්කළ බවත් ඔහු නව කාත්තන්කුඩිහි පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ යන අය අත්අඩංගුවට අරගෙන තිබෙන බවයි. මෙම ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද සේෆ් හවුසස් 17ක් ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙන බව ඔහු කියා සිටියේය.

 

මේ අතර වයඹ පළාතේ කුරුණෑගල, හලාවත, කුලියාපිටිය ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ සැකකරුවන් 78ක් බන්ධනාගාර ගත කර තිබෙන බවත් ඔවුන්ගේ රැකියා ස්ථානවලට ද අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය. එසේම පවතින වීඩියෝ දර්ශන ආදිය උපකාරී කර ගනිමින් සෙසු අයත් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරනු ඇති අතර සාමය ආරක්ෂා කිරීම සඳහා වයඹ පළාතේ පමණක් පොලිස් නිලධාරීන් 5500ක් යොදවා තිබෙන බව හෙතෙම පැවසිය. ඒ වෙනත් එනම් අධිකරණ, අපරාධ විමර්ශන, රථවාහන ආදී කටයුතුවල යෙදීමට නියමිත පොලිස් නිලධාරීන් ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *