උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී. සමගි ජනබලවේගය, විපක්ෂයේ පක්ෂ නායකයන්, එ.ජා.ප.ය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය, සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ජනාධිපති නීතිඥවරුන්ගේ සහාය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම, පළාත් සභා මැතිවරණයක් කඩිනමින් පැවැත්වීම සහ ඉඩම් ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ඉල්ලා සිටිනු පිණිස නව එකමුුවක් පිහිටුවා ඇති බව මෙරට සංචාරය කළ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි වෙත දන්වා තිබේ.














