• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්

12 March 2024
in දේශීය, පුවත්
ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” මේ වන විට අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැඟීසිටිමින් සිටින රටක්. පසුගිය කාලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ද විශාල අර්බුද රැසකට මුහුණ දුන්නා. නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. ඒ හමුවේ රටේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනයක් අත්කර ගනිමින් තිබෙනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපේ ගොවි ජනතාවගේ අස්වැන්න වැඩි කර ගැනීමද ඉතා වැදගත්. ඔවුන් මාස කිහිපයක් තිස්සේ දැඩි වර්ෂාවකට මුහුණ දුන්නා. එහිදී ගංවතුර තත්ත්වය නිසා ගොවීන්ගේ අස්වැන්නට හානි සිදුවෙයි කියා සැකසංකා ඇතිව තිබුණත්, මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මාස් කන්නයේ සහල් මෙට්‍ර්ක් ටොන් මිලියන 3.6ක අස්වැන්නක් ලැබීමට නියමිතයි. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් මිලියන 2.4ක්. ඒ අනුව මෙය සතුටු විය හැකි තත්ත්වයක් බව කිව යුතුයි. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍ර්ක් ටොන් 3000-4000ක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් පළාත්වල හෙක්ටයාරයකට වී මෙට්‍ර්ක් ටොන් 12000 ක අස්වැන්නක් ලැබී තිබෙනවා. මෙම අස්වනු ලබා ගැනීමට ගොවීන්ට තාක්ෂණය පවා ලබා දුන්නා. ඉදිරියේදී නියඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එම නිසා හැකි තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුව තිබෙනවා. යල කන්නයේ හෙක්ටයාර් 512,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගා කටයුතු සඳහා ජලය පරිස්සමින් භාවිතා කළ යුතුයි. ඒ වගේම අතරමැදි බෝගවලට යොමු වෙන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී මුං, ඉරිඟු, අර්තාපල් වැනි වගාවන්ට යොමු විය යුතුයි. මේ කටයුතු සිදු කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල වැඩකොටසක් සිදු කරන බව ද කිව යුතුයි. තවද මේ වන විට නව වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම බතලගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුකරමින් සිටිනවා. නව වී ප්‍රභේද හඳුන්වා දෙන ආයතන තුළ තමයි මේ රටේ ජීවය තිබෙන්නේ. වී වගාවට අමතරව මිරිස්, බණ්ඩක්කා, දෙළුම්, අඹ වැනි නව බෝග ප්‍රභේද රැසක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂි පර්යේෂණ අංශ විසින් හඳුන්වා දීම ද සතුටට කාරණයක්. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිර්දේශ මත පර්චස් 10කට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිම මුදලකට යටත්ව ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232 මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා. ගොවිතැන් වගා කටයුතු අප රටේ වාරි පද්ධතිය සමඟ බැඳී තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් කුඩා වැව් ඇතුළු වාරි පද්ධතිය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 425ක් වෙන් කර තිබෙන බව පැවසිය යුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා වැඩිදුරටත් අදහස් පල කරමින් කියා සිටියේය.

Post Views: 6,582
Previous Post

ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

Next Post

E B Creasy Solar පුරෝගාමීත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතියක් අවසන් කෙරේ

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved