• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊශ්‍රායලයේ සාත්තු සේවා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් යවලා – ඇමැති මනුෂ

7 August 2023
in දේශීය

මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අද (07)දිනයේද ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබිණ.

ඒ අනුව මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 33 දෙනෙක්ද කාන්තා ශ්‍රමිකයින් 208 දෙනෙක්ද ඇතුළත් වේ.

මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රමිකයින් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයින් 12 දෙනෙක් පිටත් කර යවා තිබේ. අප්‍රේල් මාසයේදී සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 39 දෙනෙක් යවා ඇති අතර මැයි මාසයේදී ශ්‍රමිකයින් 34 දෙනෙක් පිටත් කර යවා ඇත. ජුනි මාසයේදී ශ්‍රමිකයින් 40 දෙනෙක්ද, ජූලි මාසයේදී ශ්‍රමිකයින් 51 දෙනෙක්ද ඊශ්‍රායලය බලා පිටත් කර යවා ඇත. අගෝස්තු මාසයේදී මුල් සතියේදී පමණක් ශ්‍රමිකයින් 39 දෙනෙක් ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ

මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 480 දෙනෙක් පිටත් කර යවා ඇත.

Post Views: 39
Previous Post

ජවිපේ තමා මෙරට ව්‍යාපෘති අඩාල කලේ.. එකේ ප්‍රතිඵල අද අත්විදිනවා – මහලේකම් සාගර

Next Post

සමනලවැව ජලාශයෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

editor

editor

Next Post

සමනලවැව ජලාශයෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved