• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන වසරේදී රට තුළ ජල සම්පාදන කටයුතු කාර්යක්ෂම කිරීමට ව්‍යාපෘති 264ක්

28 November 2020
in සංවර්ධන

ලබන වසරේ රට තුළ ජල සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘති 264ක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව ජලසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා කියා සිටියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති මගින් දැනට රට තුළ තිබෙන 40%ක් පමණ වන ජල සැපයුම් ආවරණය 78% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමගින් දැනට දවසකට නිශ්පාදනය කරන ජලය ඝන මීටර් 2.07 ක ප්‍රමාණය ඝන මීටර් 4.47දක්වා වැඩි කිරීමටද හැකිවනු ඇත. මෙම සියළු ව්‍යාපෘති ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණ සකස් කොට දේශීය අරමුදල් භාවිත කොට දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

ජලය සැපයීම පමණක් හුදෙක් තම ප්‍රතිපත්තිය නොවන බවත් ජනතාවට ගුණාත්මක ජලය සැපයීම තම අරමුණ බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. තම අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යන ආයතන ඒ සඳහා කාර්යක්ෂමව තටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසූයේ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ඇසුරින් ජලසම්පාදන මණ්ඩලයේ ජලය සැපයීමෙන් ආවරණය නොවන ප්‍රදේශ සහ විශේෂ විභවතාවක් පවතින ප්‍රදේශවල ජනතාවට ජලය සම්පාදනය කිරීම තම අමාත්‍යාංශයේ කාර්යභාරය වන බවයි. එමෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි වී ඇති ප්‍රජාමූල සංවිධාන 4500ක ප්‍රමාණයක් මගින් මේ වන විට රට පුරා ජලය සපයන ජල සම්බන්ධතා සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ වේ. ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ඉලක්කය වන රටේ ජනතාවට 100% ක් ජලය සැපයීමේ ඉලක්කය ළඟා කර ගැනීමට ප්‍රජාවගේ සහයද සහිතව කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති, මිලාන් ජයතිලක, වීරසුමන වීරසිංහ,ඩී.එස් .හේරත්, සුදත් මංජුල, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, ජයරත්න හේරත්, ගුණතිලක රාජපක්ෂ,අසංක නවරත්න, ගීතා කුමාරසිංහ, සමන්ප්‍රිය හේරත්, කේ.පී.එස් .කුමාරසිරි, අමරකීර්ති අතුකෝරළ, ගම්ලත් සිරිපාල, ඉසුරු දොඩංගොඩ යන මහත්ම මහත්මීන්ද, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී විජයබන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Post Views: 26
Previous Post

LPLදෙවන තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි වේ

Next Post

මාලදිවයිනේ ආරක්ෂක ඇමැතිනිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

editor

editor

Next Post

මාලදිවයිනේ ආරක්ෂක ඇමැතිනිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved