• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස 294ක් – ජනපති

10 April 2024
in දේශීය, පුවත්
කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස 294ක් – ජනපති

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට ඊයේ (09) පස්වරුවේ එක්වීමෙනි.

2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටුවනවා. මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා විශාල උනන්දුවක් දැක්වූවා. ඔබට අද ලැබෙන මෙම නිවස ඔබේ වටිනාම දේපළ බවට පත්වෙනවා. එය ආරක්ෂාකාරීව භාවිත කිරීම ඔබ සතු වගකීමක් වෙනවා. පසුගිය වසර දහයක කාලය තුළ දුක් වින්ඳ ඔබ මෙම නිවාස උගස් තියන්න හෝ විකුණන්න එපා. තමන්ගේ ජීවිතය වගේ මෙම නිවාස රැකගන්න කියා මා ඉල්ලා සිටිනවා. 2022 වසරට වඩා සැහැල්ලුවෙන් හුස්ම ගන්න සමාජ වටපිටාවක් වසර දෙකක කාලයක් ඇතුළත ගොඩනැඟීමට අපට හැකි වුණා. ආහාර,ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් වින්ඳ ජනතාව අද සාමාන්‍ය ලෙස ජීවත් වෙනවා . පෝලිම් යුගයේදී වැඩියෙන්ම දුක්විඳීමට සිදු වුණේ කොළඹ ජනතාවටයි. එයිනුත් මහල් නිවාසවල හා වතුවල ජීවත් වූ ජනතාව විශාල දුකක් වින්ඳා. ආර්ථිකය යහපත් කිරිම වෙනුවෙන් අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය නිසා ජීවන බර තවත් වැඩිවුණු බව අප පිළිගන්නවා. නමුත් එය ඔබ දරා ගත් නිසා අද වන විට ණය ගැනීමකින් හෝ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ නිසාම මේ වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට අපට හැකි වුණා. රුපියල ද ශක්තිමත් වුණා. එම දුක්විඳි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පුවක්, සින්නක්කර නිවසක් ලබාදීම ඔවුන්ට කරන ස්තුති කිරීමක් ලෙස මා දකිනවා. ඉදිරියේදී නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට ලබා දෙනවා. මා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1996ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නවා. ඉඩම් අයිතිය හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබාදීම මීට පෙර සිදු වුණේ නැහැ. ඉදිරියේදී අධ්‍යාපන අයිතිය ,ඉඩම් අයිතිය ,නිවාස අයිතිය හා ව්‍යාපාර අයිතිය ජනතාවට ලබාදෙමින් ආර්ථිකය ජනතාව දෙසට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් රටේ ආර්ථිකයට ජනතාවගේ සෘජු දායකත්වයක් ලබා ගත හැකි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වරාය, නාවික හ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සත්‍යානන්ද සුභසිංහ, ජනාධිපති වෘත්තිය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,635
Previous Post

පොහොට්ටුව ශක්තිමත් කිරීමට බිම්මට්ටමින් සැලසුම් – ජාතික සංවිධායක නාමල්

Next Post

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි 

editor ttvnews

editor ttvnews

Next Post
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි 

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved