29 April 2024
#දේශීය #පුවත්

පොහොට්ටුව ශක්තිමත් කිරීමට බිම්මට්ටමින් සැලසුම් – ජාතික සංවිධායක නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට බිම් මට්ටමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පවසයි.

එහි පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටීයේය.

පොදුජන පෙරමුන මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *