27 April 2024
#Uncategorised

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

බලපත්‍ර නොමැතිව ළඟ තබා සිටින පුපුරණ ද්‍රව්‍ය මැයි මස 14 දින උදෑසන 6ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.  බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ ඇති පුද්ගලයින් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීමට අද උදෑසන 06.00 අවස්ථාව ලබා දී ඇත.

මේ අනුව අද (11) සිට මැයි 14 පෙරවරු 6 දක්වා දින 3ක කාලයක් හිමිවේ. බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් එම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට දැනුම් යුතුවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *