27 April 2024
#දේශීය

ඉන්ධන මිල ඉහලට – මුදල් අමාත්‍යංශය

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164 ක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කලේය.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 136 ක්. ඔටෝ ඩීසල් මිල සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *