27 April 2024
#සංවර්ධන

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 50 වන ශාඛාව ජනතා අයිතියට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 50 වන ශාඛාව අංක 1 දෙවන පියවර, බස්නැවතුම්පොළ, හොරණ දී අද දින (30) විවෘත කෙරෙණි.

ඒ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හා ජාතික උරුමය ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය විදුර වික්‍රමනායක මහතා යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙනි.

ගුණාත්මක බවින් ඉහල ඖෂධ සාධාරණ මිලට ජනතාවට ලබාදීමේ ප්‍රමුඛයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වන අතර අද දින විවෘත කරනු ලැබුවේ එහි 50 වන ශාඛාවයි.

එසේම කොවිඩ් 19 වසංගතය මර්දනය පිණිස එන්නත්කරණ ජාතික වැඩසටහනට අවශ්‍ය එන්නත් කඩිනමින් මිලදී ගැනීමත්, එය කඩිනමින් ජනතාවට ලබා දීමටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්යබාරයක් ඉටුකල බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට හොරණ නගරාධිපති,ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සාමාන්‍ය අධිකාරි දිනුෂ දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *