• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට මුදල් ඇමැති යයි

30 April 2019
in දේශීය

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය බව මුදල් අමාත්‍යංශය පවසයි. එම රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වෙයි.

ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට මෙම රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව කදිම අවස්ථාවකි. සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වෙති.

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනුවෙන් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 800ක පමණ සහන ණය ලබා දෙනු ලබන අතර 2019 වසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා 8ක් සඳහා ඇ.ඩො. මිලියන 815ක් ලබා දීමට නියමිත ය. වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මේ වන විටත් ක්‍රියාත්මක අතර ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇ.ඩො. මිලියන 300කි. මීට අමතරව දුම්රිය සේවය කාර්යයක්ෂම කිරීම සඳහා පැරැණි සංඥා සහ ප්‍රවේශපත් ක්‍රමවේදයන් නවීකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා මැයි මාසයේ කොළඹ දී පැවැත්වෙයි. ඊට වැය කිරීමට අපේක්ෂිත මුදල ඇ.ඩො. මිලියන 160කි.

 

Post Views: 60
Previous Post

සමාජ මාධ්‍ය වෙත පිවිසිමට බාධා ඉවත් කරන්න – ජනපති

Next Post

අපි මිනි මතින් දේශපාලනය කරන්නේ නෑ … මේ ආණ්ඩුව අසමත් – මන්ත්‍රී අනුර කියයි

editor

editor

Next Post

අපි මිනි මතින් දේශපාලනය කරන්නේ නෑ ... මේ ආණ්ඩුව අසමත් - මන්ත්‍රී අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved