27 April 2024
#දේශීය

සමාජ මාධ්‍ය වෙත පිවිසිමට බාධා ඉවත් කරන්න – ජනපති

පාස්තු ඉරිදා දින සිදු වු බරපතල ව්‍යසනයන් සමඟ මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසිමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම බාධාව ඉවත් කල ද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *