• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

23 January 2019
in දේශීය

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහ එම මැතිනිය සහභාගීවිමට නියමිත බව අමාත්‍යාශය පැවසිය.

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයෙන් මිදී නිදහස්, නිවහල් ජාතියක් ලෙස ලොව හමුවට පැමිණි අප මාතෘභූමියේ අතීත, වර්තමාන හා අනාගත ගමන්මඟ කදිමට පෙන්නුම් කරන 71වන ජාතික දින සැමැරුම් මහෝත්සව ඉතිහාසයට එක්වන්නේ සංහිදියාව, සංවර්ධනය සහ ප්‍රජාතන්තවාදය ජයගැනීමේ අභියෝගාත්මක වසරකදීය.

නර්තන හා වාදන ශිල්පීන් 865 දෙනෙකු සහභාගිතවයෙන් සංස්කෘතික පෙළපාලියකින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ ආචාර පෙලපාලියකින්ද උළෙල විචිත්‍රවත් වීමට නියමිතය.

2019.02.02 වැනි දින ප.ව. 09.30 සිට 2019.02.03 දින පෙ.ව. 04.45 දක්වා කොළඹ 07, නිදහස් මන්දිරයේ දී සර්ව රාත්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය ද පසුදින පෙ.ව. 07.00 ට උදෑසන හීල් දානය කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පිළිගැන්වේ.

2019.02.04 වැනි දින පෙ.ව.06.30 ට, කොළඹ 04, මාණික්ක පිල්ලෛයාර් කෝවිලේදී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් 2019.02.04 වැනි දින පෙ.ව. 06.00 ට අංක 50, ටොරින්ටන් ඇවනියු, කොළඹ 07, ජාවත්ත ජුම්මා මස්ජිදයේ දී පැවැත්වීමට කටයුතු කර ඇත.

රෝමානු කතෝලික දේව මෙහෙය 2019.02.04 වැනි දින පෙ.ව. 06.15ට කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශුද්ධ වූ ජපමාල මාතා දේවස්ථානයේ දී‍

2019.02.04 වැනි දින පෙ.ව. 06.15 ට කොළඹ 06, මායා වීදියෙහි පිහිටි, ප්‍රෙස්බිටේරියන් දේවස්ථානයේ දී පැවැත්වේ.

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම 04 වැනි දින උදෑසන සිදු වෙයි.

71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් 2019 පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්න යැයි රජය දැනුම් දී තිබේ.

එමෙන්ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනි දා දක්වා සතියක කාලයක් පුරා සෑම නිවසක ම, ව්‍යාපාරික ස්ථානයක ජාතික ධජය ඔසවන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.
71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි හැර අන් සියලු දිස්ත්‍රික්කයන් හි උත්සවාකාරයෙන් ජාතික දිනය සැමරීමටත් රටේ සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි එම උත්සව සංවිධානය කිරීමටත් අවශ්‍ය උපදෙස් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් ලබා දී ඇත.

Post Views: 41
Previous Post

වාහන දඩ මුදල් ඉහළට ! වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි….

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved