27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- බදුල්ල – නිමල් සිරිපාල ද සිල්වා මහතා

02- මහනුවර – එස්.බී. දිසානායක මහතා

03- හම්බන්තොට – මහින්ද අමරවීර මහතා

04- කළුතර – මහින්ද සමරසිංහ මහතා

05- කුරුණෑගල – නීතිඥ දයාසිරි ජයසේකර මහතා

06- අනුරාධපුර – දුමින්ද දිසානායක මහතා

07- කෑගල්ල – රංජිත් සියඹලාපිටිය මහතා

08- ගම්පහ – ලසන්ත අලගියවන්න මහතා

09- මාතලේ – නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

10- කොළඹ – තිලංග සුමතිපාල මහතා

11- ගාල්ල – ශාන් විජයලාල් ද සිල්වා මහතා

12- මාතර – ඩී. විජය දහනායක මහතා

13-අම්පාර – නීතිඥ ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය

14-මඩකලපුව – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා

මඩකලපුව දමිළ නියෝජනය – ගුණරත්නම් හරිදරන් මහතා

15-යාපනය /කිළිනොච්චි – අංගජන් රාමනාදන් මහතා

16-වන්නි (මන්නාරම, මුලතිව්, වව්නියාව) – කේ. කාදර් මස්තාන් මහතා

17-නුවරඑළිය – ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා

18- රත්නපුර – අතුල කුමාර රාහුබද්ද මහතා

19- ත්‍රිකුණාමලය – ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබ`දව ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *