27 April 2024
#දේශීය

සැකසහිත මරණයක් සමඟ ඉතාලියේ ලාංකික 8කට කොරෝනා

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් (70 හැවිරිදි ) මියගොස් ඇති අතර ඔහුට කොරෝනා ආසාදනය වූ බවට සැකකරයි.

ඊයේ (24) මෙම මරණය සිදුව ඇති අතර ඒ ඔහු ඉතාලියේ මෙසීනා නම් නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. 

අදාළ පුද්ගලයා දැඩි ස්වසන අපහසුතාවෙන් පෙළී ඇති බවත් ඔහුට හදීසි ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිතව සිටියදී මෙසේ මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

නමුත් වැඩිදුරටත් වාර්තා වන්නේ ඔහුට කොරෝනා ආසාදනය වී තිබුණේද යන්න සැකසහිත බවත් එය දැනගන්නට සිදුවන්නේ මරණයට අදාළ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසුව බවය.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී කාන්කිකයන් 8කට කොවිඩ් 19  වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි එරට (රෝමයේ ) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටියි.

තවද වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කල අතර ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *