ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කරයි. මෑතකදී ඉරාන නාවික හමුදාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ප්‍රහාරවලින් මියගිය ද, ගලිබාෆ් එම ඉලක්ක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව වාර්තා වේ. පකිස්ථානය කළ ඉල්ලීමකට අනුව අමෙරිකාව මැදිහත් වී මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සිටින ප්‍රධානම පුද්ගලයා ඔහු බැවිනි.
ලැබෙන තොරතුරුවලට අනුව, ඔහු ඉරානය සහ අමෙරිකාව අතර රහසිගත රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කරයි. පසුගිය මාර්තු 24 වනදා ඔහු රහසිගත ගුවන් ගමනක් මඟින් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගොස් ඇති අතර, ඒ සඳහා අමෙරිකානු සහ ඊශ්‍රායල ආරක්ෂක අංශවල පූර්ව අනුමැතිය සහ ආරක්ෂාව ද හිමිව තිබේ. මෙය වත්මන් අර්බුදය සමනය කිරීම සඳහා එළඹිය හැකි සාමකාමී විසඳුමක මූලික පියවරක් ලෙස විදේශ විචාරකයෝ හඳුන්වා දෙති.
කෙසේ වෙතත්, ඉරාන රජය සහ ගලිබාෆ් විසින් අමෙරිකාව සමඟ සෘජු සාකච්ඡා පවත්වන බව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා හුදෙක් “මනෝවිද්‍යාත්මක මෙහෙයුම්” සහ “අසත්‍ය පුවත්” (Fake News) බවට චෝදනා කර ඇත. එහෙත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත්, පාලන තන්ත්‍රය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් පැහැදිලිය. කලාපීය බලවතුන්ගේ මැදිහත්වීම මත ඔහුට එල්ල විය හැකි ප්‍රහාර නතර වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඔහු හරහා වැදගත් දේශපාලන තීරණයක් බලාපොරොත්තු විය හැකි බව වාර්තා වේ.













