වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා නොකර සහයෝගය ලබා දෙන ලෙස බත්තරමුල්ලේ සීලරතන හිමියන් විපක්ෂයෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ අවධාරණය කරන්නේ රටේ පවතින අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පටු දේශපාලන වාසි තකා ජනාධිපතිවරයාගේ “කකුලෙන් ඇදීම” නතර කළ යුතු බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත නිසි දැක්මක් සහිත “හරි විපක්ෂයක්” දක්නට නොමැති බවයි. රටේ පොදු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට විපක්ෂය සිදු කරන්නේ රජයේ සෑම ක්‍රියාවක්ම විවේචනය කරමින් කාලය නාස්ති කිරීම බවට උන්වහන්සේ චෝදනා කරති.
රටේ පවතින ආර්ථික සහ බලශක්ති අර්බුද හමුවේ වුවද ජනාධිපතිවරයා සිය කටයුතු කරගෙන යාමට උත්සාහ කරන බැවින්, එයට ශක්තියක් වීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බව සීලරතන හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.













