සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමුවන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු 453ක් සඳහා සුදුසුකම්ලත් වෛද්‍ය උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. 2025 ජූලි මස 04 වන දින සිය අනිවාර්ය පශ්චාත් උපාධි පුහුණුව (Internship) සාර්ථකව නිම කරන ලද වෛද්‍යවරුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, නියමිත වේලාවට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අයදුම්කරුවන් විසින් දැරිය යුතු බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
රජයේ රෝහල් පද්ධතියේ පවතින වෛද්‍ය හිඟය මඟහරවා ගනිමින් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම මෙම පත්වීම් ලබාදීමේ ප්‍රධාන අරමුණයි. සුදුසුකම්ලත් අයදුම්කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා හෝ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය අයදුම්පත් යොමු කළ යුතුය.













