ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ඉදිරි දේශපාලන කටයුතු සහ බිම් මට්ටමේ පක්ෂ ව්‍යුහය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සහ සාම විනිසුරු සංවිධානයේ ජාතික කැඳවුම්කරු ලෙස චින්තක අමල් මායදුන්න මහතා පත් කරනු ලැබීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු වූ අතර, එම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක්ව සිටියේය.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් කේ.ජී. මධුෂාන් හරීන්ද්‍ර, ජනිත් කාශාන්, හරිනි විජේතුංග සහ ප්‍රවීණ රංගන ශිල්පිනී රුවන්ති මංගලා පෙරේරා යන මහත්ම මහත්මීන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් කර ඇත. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව නියෝජනය කරමින් කේ. රාමක්‍රිෂ්ණන් සහ රවීන්ද්‍රන් හරේෂ් යන මහත්වරුන් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කිරීම සඳහා මෙම නව පත්වීම් හරහා තරුණ සහ වෘත්තීයවේදී නියෝජනයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා උත්සාහ කර ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.













