ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිට ඇත්තේ මන්ත්‍රීවරයා පමණක් වන අතර, රථය තාප්පයේ ගැටීමෙන් මෝටර් රථයට මෙන්ම තාප්පයට ද බරපතළ හානි සිදුව ඇති බව සඳහන් වේ. වාසනාවකට මෙන් මන්ත්‍රීවරයාට මෙහිදී බරපතළ තුවාල සිදුව ඇති බවක් වාර්තා නොවේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














