ඇමරිකානු කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ‘Turning Point USA’ සංවිධානයේ නිර්මාතෘ චාලි කර්ක්ගේ අභාවයෙන් පසු, එම සංවිධානයේ පාලනය ඔහුගේ බිරිඳ වන එරිකා කර්ක් වෙත පැවරීම සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලන විචාරිකා කැන්ඩස් ඕවන්ස් සිය දැඩි විරෝධය පළ කර තිබේ. පසුගියදා පැවැත්වූ ‘Amfest’ සමුළුවේදී චාලි කර්ක්ගේ යැයි පැවසෙන හඬ පටයක් (Audio recording) ප්‍රසිද්ධ කර ඇති අතර, එහි සඳහන් වන්නේ තමන්ට යම් අනතුරක් වුවහොත් සංවිධානයේ පාලනය සිය බිරිඳට ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත්, කැන්ඩස් ඕවන්ස් මෙම හඬ පටයේ සත්‍යතාවය ප්‍රශ්න කරන අතර, “හැකිනම් එහි වීඩියෝව නිකුත් කරන ලෙස” (Release the video) අභියෝග කර සිටියි. ඇය පවසන්නේ මෙය සංවිධානයේ බලය අල්ලා ගැනීම සඳහා සිදුකළ උපක්‍රමයක් විය හැකි බවයි. චාලි කර්ක් 2025 සැප්තැම්බර් 10 වනදා යූටා නිම්න විශ්වවිද්‍යාලයේ (Utah Valley University) පැවැති උත්සවයකදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම සිදුවීමත් සමඟ ‘Turning Point USA’ සංවිධානය තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති අතර, චාලි කර්ක්ගේ මරණයෙන් පසු පවත්වනු ලැබූ ප්‍රථම ප්‍රධාන සමුළුව මෙය වේ. කැන්ඩස් ඕවන්ස් සහ එරිකා කර්ක් අතර පවතින මෙම විවෘත ගැටුම ඉදිරි දිනවලදී ඇමරිකානු දේශපාලන කරළියේ තවදුරටත් උණුසුම් මාතෘකාවක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














