ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට සහ ඔහු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලට එරෙහිව සංවිධානය වූ “No Kings” විරෝධතා මාලාවේ තෙවන අදියර පසුගිය සෙනසුරාදා ඇමරිකාවේ ප්‍රධාන නගර රැසකදී අතිදැවැන්ත ජන සහභාගීත්වයකින් පැවැත්විණි. සංවිධායකයින් ඇස්තමේන්තු කරන පරිදි මිලියන 8 කට අධික ජනතාවක් මෙම විරෝධතාවලට එක්ව ඇති අතර, ඉරාන යුද්ධය, දැඩි ආගමන විගමන නීති සහ සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඔවුහු හඬ නැගූහ. “ට්‍රම්ප්ට අවශ්‍යව ඇත්තේ රජෙකු ලෙස අප පාලනය කිරීමට වුවත්, මෙරට සැබෑ බලය ඇත්තේ ජනතාව සතුවයි” යනුවෙන් විරෝධතාකරුවන් මෙහිදී අවධාරණය කළහ.
වොෂින්ටන් ඩී.සී. නුවර ලින්කන් ස්මාරකය අසලට දහස් සංඛ්‍යාත පිරිසක් රොක් වූ අතර, නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන නගරවල පමණක් නොව පැරිස් සහ ලන්ඩන් වැනි ජාත්‍යන්තර නගරවල ද ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි. කෙසේ වෙතත්, මෙම විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේවා හුදෙක් “ට්‍රම්ප් කෙරෙහි ඇති වෛරය පිට කිරීමට පවත්වන මානසික ප්‍රතිකාර සැසි” (Trump Derangement Therapy Sessions) පමණක් බවයි. ඇමරිකාව තුළ පවතින මෙම දේශපාලන අස්ථාවරත්වය සහ ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ද ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.














