ඉරානය ආක්‍රමණය කිරීමේ සැබෑ අරමුණ එරට සතු සුවිශේෂී තෙල් සම්පත අත්පත් කර ගැනීම බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විවෘතව ප්‍රකාශ කර තිබේ. පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට තෙල් කර්මාන්තයේ පාලනය නතු කර ගත්තා සේම, ඉරානයේදී ද තම ප්‍රමුඛතාවය වන්නේ “තෙල් සම්පත අත්පත් කර ගැනීම” බව ඔහු අවධාරණය කළේය. තමන් අණ දුන් සැණින් ඉරානයට අයත් කාර්ග් දූපත (Kharg Island) ආක්‍රමණය කිරීමට ඇමෙරිකානු හමුදා සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි කාර්ග් දූපත ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය වන අතර එය ගෝලීය බලශක්ති වෙළඳපොළේ අතිශය තීරණාත්මක භූමියකි. ට්‍රම්ප් පවසන්නේ ඉරානය සමඟ ගැටෙන්නේ ඇයිදැයි තමන්ගෙන් ප්‍රශ්න කරන පිරිස් “මෝඩයන්” බවයි. ඉරානයේ ආර්ථික ස්ථාවරත්වය සහ ලෝක බලශක්ති සැපයුම් දාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම දූපත සතු උපායමාර්ගික වැදගත්කම නිසා ඇමෙරිකාව මෙම ආක්‍රමණශීලී පිළිවෙත අනුගමනය කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














