වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කරමින් නිර්මාණය කළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ලබන 31 වැනිදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ප්රමුඛ අවශ්‍යතාවක් වන මෙම වත්කම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කෙරුණේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මඟින් වුවද, මෙම නව පද්ධතිය හරහා එම ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇත.
මෙම පද්ධතිය හුදෙක් මාර්ගගත පෝරමයක් පමණක් නොව, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම් සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීම් ස්වයංක්‍රීයව හඳුනාගත හැකි සත්‍යායන (Verification) පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය කර ඇත. දූෂණ විරෝධී පනත මඟින් ඇති කළ නීතිමය රාමුව ප්‍රායෝගිකව බලගැන්වීමට මෙම තාක්ෂණික මෙවලම සුවිශේෂී දායකත්වයක් සපයන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙමඟින් මෙරට දූෂණ මර්දන කටයුතු සඳහා නවීනත්වය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය එක්වන අතර වංචා දූෂණ වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














