පකිස්ථාන ක්‍රිකට් තරුවක් වන නසීම් ෂා (Naseem Shah) හඳුනා නොගත් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට අද (2026 මාර්තු 30) පස්වරුවේ ඉස්ලාමාබාද් පෝස්ට් (Islamabad Post) පුවත් සේවය වාර්තා කර තිබේ. මෙම සිදුවීම මීට පැයකට පමණ පෙර සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් වුවද, පකිස්ථාන පොලිසිය හෝ එරට ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් මේ දක්වා නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.
මෙම පැහැර ගැනීමේ පුවත වාර්තා වන්නේ නසීම් ෂා සහ පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් පවතින පසුබිමකය. පසුගියදා පැවැති පකිස්ථාන සුපිරි ලීග් (PSL) සමාරම්භක උත්සවයට සහභාගී වූ පන්ජාබ් මහ ඇමතිනී මේරියම් නවාස් (Maryam Nawaz) හට ලබාදුන් දැඩි ආරක්ෂක රැකවල් විවේචනය කරමින් නසීම් ෂා විසින් තැබූ සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබුණි.
නසීම් ෂා පදිංචිව සිටින ඉස්ලාමාබාද් ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර, මෙම පුවතත් සමඟ පකිස්ථාන ක්‍රිකට් ලෝලීන් දැඩි කම්පනයට පත්ව සිටිති. මෙය සැබෑ පැහැර ගැනීමක් ද නැතහොත් කිසියම් පිරිසක් විසින් පතුරුවන ලද අසත්‍ය පුවතක් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.
උපුටා ගැනීම: @ISBPost














