ඇමෙරිකානු H-1B වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය එළඹෙන අප්‍රේල් 1 වැනිදා සිට ප්‍රධාන පෙළේ සංශෝධන කිහිපයකට යටත්ව ක්‍රියාත්මක වන බව එරට ෆෙඩරල් ආයතන නිවේදනය කර තිබේ. මෙතෙක් පැවති ලොතරැයි ක්‍රමවේදය (Lottery system) වෙනුවට, අයදුම්කරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ට ලැබෙන වැටුප් මට්ටම සහ අදාළ රැකියාවේ ස්වභාවය (Job specifications) මූලික කරගත් නව රාමුවක් හඳුන්වා දී ඇත. වසර ගණනාවක් තිස්සේ මෙම ක්‍රියාවලිය තුළ පැවති අක්‍රමිකතා සහ අවභාවිතයන් වැළැක්වීම මෙම වෙනසෙහි ප්‍රධාන අරමුණයි.
අප්‍රේල් 1 වැනිදා වාර්ෂික H-1B වීසා අයදුම්පත් භාරගැනීම ආරම්භ වන අතර, එදින සිටම සේවා යෝජකයන්ගේ වගකීම් සහ රැකියා ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ. වැඩි වැටුප් ලබන සහ ඉහළ නිපුණතා සහිත රැකියා සඳහා අයදුම් කරන විදේශිකයන්ට මෙහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇත. මෙය මෑත ඉතිහාසයේ මෙම වීසා














