මැතිවරණ කොමිෂන් සභාව විසින් මහජනතාවට සේවාවන් ලබා ගැනීම වඩාත් පහසු කිරීමේ අරමුණින් මාර්ගගත “මැතිවරණ ඊ-සේවා” ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර තිබේ. මෙම නව පියවර හරහා ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත සෘජුව පැමිණීමකින් තොරව, අන්තර්ජාලය ඔස්සේම අදාළ සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මහජනතාවට https://eservices.elections.gov.lk හෝ ec.lk/es යන සබැඳි (Links) හරහා හෝ අදාළ QR කේතය ස්කෑන් කිරීමෙන් මෙම සේවාවන්ට පිවිසිය හැකිය. අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් දවසේ ඕනෑම වේලාවක මෙම පහසුකම් ලබාගත හැකි බව කොමිෂන් සභාව අවධාරණය කරයි. මෙමඟින් මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.













