කහවත්ත, නීලගම මාර්ගයේදී පසුගිය 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර අද (30) කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී සොයාගත් බව කහවත්ත පොලිසිය තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ ඕපනායක, ලෙන්දකට්ටංගේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අනුර නැමති තිදරු පියෙකි.
ඔහු අතුරුදන් වීමෙන් පසු කහවත්ත සහ ඕපනායක පොලිස් කණ්ඩායම් එක්ව ප්‍රදේශය පුරා දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මෙය ඝාතනයක් ද නැතහොත් වෙනත් අනතුරක් ද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශන පවත්වයි.














