පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදුලිය පාවිච්චි කිරීම කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර (AC) පස්වරු 3.00න් පසුව අක්‍රීය කළ යුතු බවට දන්වා ඇත.
පෞද්ගලික අංශය ද හැකි සෑම විටම මෙම පිරිමැසුම්දායී ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී. පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ විදුලි පරිභෝජනය ඉහළ යාම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.














